Accessibility Options

Content

  • Bigger Text
  • Bigger Cursor
  • Readable Font

Colors

  • Invert Colors
  • Brightness
  • Contrast
  • Grayscale
  • Dark / Light

Navigation

  • Highlight Links
  • Read Page
  • අපි ඔබේ අදහස් අගය කරමු

අපි ඔබේ අදහස් අගය කරමු

අපි ඔබේ අදහස් අගය කරමු

සිය මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් එළෙසින්ම ඉටුවන සේ අපේ නිමැවුම් හා සේවා පවත්වාගැනීමට, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අපි සෑමවිටම කැපවී සිටින්නෙමු. අප සමග ගනුදෙනු කිරීමේදී ඔබ සෑහීමකට පත්නොවන අවස්ථාවකට මුහුණදුන්නොත් හෝ ඔබේ යෝජනා මගින් අපේ සේවා ගුණාත්මකභාවය ඉහළනැංවීමට හැකියැයි ඔබ සිතන්නේ නම්, අපට ඒ ගැන කියන්න. පහත දැක්වෙන ක්‍රමයක් මගින් අප හා සම්බන්ධ වෙන්න.

තැපෑලෙන් යොමුකරන්න :
  • කළමනාකරු - පාරිභෝගික අත්දැකීම්

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

    ප්‍රධාන කාර්‍යාලය.

    46/58, නවම් මාවත, කොළඹ 02.

අපට ඊමේල් කරන්න:
අපේ 24/7 ක්ෂණික ඇමතුම් අංකයට අමතන්න:

ඔබ කැමති බැංකු ශාඛාවට ගොස් ඔබේ පැමිණිල්ල පුද්ගලිකව සාකච්ඡා කරන්න

පිටුවේ පහත ඇති ආකෘති පත්‍රය භාරදෙන්න

අපි ඔබේ පැමිණිලි නිරාකරණය කරන්නේ මෙහෙමයි

  • පියවර 1: ඉහත කී ඕනෑම ආකාරයකින් ඔබේ පැමිණිල්ල විධිමත් ආකාරයෙන් අප වෙත ලැබෙන්න සලස්වන්න. අපේ නියෝජිතයන් වෙතින් ඔබේ පැමිණිල්ල වෙනුවෙන් යොමු අංකයක් ලබාගන්න.
  • පියවර 2: ඔබ පැමිණිල්ලක් භාරදුන් විට බැංකුවේ නියෝජිතයෙකු ඔබ සමග සම්බන්ධ වෙනු ඇත. ඔබේ පැමිණිල්ල නිරාකරණය කරන තෙක් ඔබට ඒ ගැන සොයාබැලීම සඳහා විශේෂයෙන් පත්කරනු ලබන නිලධාරියා ඔහු/ඇය යි.
  • පියවර 3: ඔබේ පැමිණිල්ල හැකිතාක් ඉක්මනින් නිරාකරණය කිරීමට කළහැකි උපරිම දේ අප විසින් කරන අතර, ඒ සඳහා උපරිම වශයෙන් වැඩකරන දින 3ක් ගතවිය හැකිය.
  • පියවර 4: කෙසේවෙතත්, කාරණාවේ සංකීර්ණභාවය මත ඒ සඳහා අමතර කාලයක් අවශ්‍ය වේ නම්, අප ඒ බව ඔබට දැනුම් දෙන්නෙමු.
  • පියවර 5: බැංකුව විසින් ඔබේ පැමිණිල්ල නිරාකරණය කළ ආකාරය ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඒ බව ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් පත්කරනු ලබන නිලධාරියා වෙත ඒ බව දැනුම්දෙන්න. එවිට, ඒ වෙනුවෙන් වැඩිමනත් යමක් කිරීමට හැකියාවක් ඇත්දැයි සොයාබැලීමට අපට හැක.
  • පියවර 6: ඔබ උපරිම ආකාරයෙන් සෑහීමකට පත්වන සේ ඔබ මතුකළ ඕනෑම ගැටලුවක් විසඳීමට අපි කැපවී සිටින්නෙමු. එහෙත්, අප විසින් ලබාදුන් විසඳුම ඔබේ අපේක්ෂා කරන මට්ටමේ නොවේ නම්, එහිදී ඔබට මූල්‍ය ඔම්බුඩ්ස්මන්, ශ්‍රී ලංකා කාර්යාලය වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත පිවිසීමේ හැකියාව ඇත.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් සම්බන්ධ කරගන්නා ආකාරය :

නොම්බර 01, බෙතෙස්ඩා පෙදෙස, කොළඹ 5.

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්නා ආකාරය :

30, ජනාධිපති මාවත, කොළඹ 01.

වැඩි විස්තර සඳහා පහත දැක්වෙන විස්තර පුරවා භාරදෙන්න.